Sun. Jun 22nd, 2025

රැඳවියන්ට ෆෝන් දුන්න ජේලර් මාට්ටු

Nov6,2024 #mobile phone #police #prison

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ සහ බන්ධනාගාර නියාමකවරයකුගේ (ගබඩා භාරකරු) වැඩ තහනම් කර තිබෙනවා.

රැඳවියන්ට ජංගම දුරකථන සැපයූ බවට අනාවරණය වීම නිසා මෙලෙස ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මොවුන් දෙදෙනා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියකු සමඟ රහසිගත සබඳතාවක් පවත්වා ඇති අතර ඔහුගේ උපදෙස් මත රැඳවියන්ට ජංගම දුරකථන ලබාදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *