Sat. Jun 28th, 2025

නල්ලූර් කෝවිලත් ජල රකුසාගේ ග්‍රහණයේ

Nov28,2024 #rain #weather report

යාපනය ප්‍රදේශයේ ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ නිසා සුප්‍රසිද්ධ නල්ලූර් පුදබිමද යට වී ගමනාගමනය ද ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු පලාතේ පවුල් 23,786 කට අයත් පුද්ගලයින් 78,530 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකයන් පවසා සිටිනවා.

ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම  බලපෑම එල්ල වී ඇත්තේ මන්නාරම් දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 18,774 කට අයත් පුද්ගලයින් 61,674 දෙනෙකු පීඩාවට පත්ව ඇති බැව් වාර්තා වෙනවා.

දෙවනුව යාපනය දිස්ත්‍රික්කයට වන අතර එහිදී පවුල් 2706 කට අයත් පුද්ගලයින් 9642 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතරම, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 811 කට අයත් පුද්ගලයින් 2750 දෙනෙකු සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 1495 කට අයත් පුද්ගලයින් 4664 දෙනෙකු පීඩවන්ට පත්ව සිටින බවටද ආපදාකලමනාකරන ඒකකයන් පවසනවා.

මේ අතර අධික වර්ෂාව සුළං  සහ ජලගැලීම් හේතුවෙන් උතුරු පළාතේ නිවාසද 75 කට පූර්ණ සහ සුළුහානි සිදුව ඇති බවටද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *