පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් අදාළ අංකයට දැනුම්දීමක් කළ හැකි බවයි.
පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.