ජීවිත 40000කට ආසන්න ප්‍රමාණයක් බිලිගෙන 5000ක් පමණ අතුරුදන් කළ, තුවාළකරුවන් ලක්ෂ ගණනක්ද, ප්‍රකෝටි ගණනක දේපොළ විනාශයක්ද ඇති කළ සුනාමි විපත සිදුවී අදට වසර 20ක් සම්පූර්ණ වෙනවා.
2004 වර්ෂයේදී සිදුවූ මේ විපත මෙරට ඉතිහාසයේ කඳුළක් එක්කල සිදුවීමක් වෙනවා. මේ දිනය ඉන් පසුව “ජාතික සුරක්ෂිතතා දිනය” යනුවෙන් නම් කරනු ලැබ වාර්ෂිකව මෙරට ආපදා නිසා දිවි දුන් සියලු දෙනා සිහිපත් කරන දිනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
දිවයින පුරා සිහිපත් කිරීමේ උත්සවද පැරෑළිය සුනාමි ස්මාරකය අසල ප්‍රධාන උත්සවය පැවැත්වීමටද නියමිතයි. අද (26) පෙරවරු 9.27ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා සිහිපත් කිරීම සිදු කෙරෙනවා.