ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලට අනුව කටයුතු කිරීම තුළින් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට වගකිව යුතු පාර්ශ්ව ඒ සඳහා වගකිව යුතු බව ඔහු ප්‍රකාශ කළා.
නව ආර්ථික ප්රතිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ඒකමතිකව සම්මත කර තිබියදී ඇතැම් පුද්ගලයන් ජනතාව නොමඟ යවන සුළු අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බව ඔහු සඳහන් කළා.
සාම්ප්‍රදායික භේද පසෙකලා රට ගොඩනැගීමේ ජාතික සැලැස්ම පිටුපස එක්වන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවති ‘ස්ථාවර දේශයකට සාමූහික මාවත’ යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.