පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රී නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් ඇතුළත් වූයේ අතපසුවීමකින් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.
මේ ආචාර්ය නාමය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුව වෙත ලබා දුන් වාර්තාවේ එබන්දක් ඇතුළත්ව නොතිබුණු බවත් අතපසුවීමකින් එය ඇතුළත් කර ඇති බවත් එහි දැක්වෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වුණ අපහසුතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙත පාර්ලිමේන්තුව විසින් කණගාටුව පළ කර තිබෙනවා.