Thu. May 1st, 2025

“ඩැමේජ් එක වෙලා ඉවරයි” මැතිවරණ කොමසාරිස් කියයි

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ (02) නිකුත් කළ නිවේදනය මැතිවරණයට බාධාවක් බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

“මේ වගේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන අවස්ථාවක දී සහ තැපැල් ඡන්ද පැවැත්වෙන්න නියමිත අවස්ථාවකදී මෙහෙම ප්‍රකාශයක් නිකුත් කරනවා කියන්නේම ඒක මැතිවරණයට බාධාවක්. මේ හරහා අපේක්ෂයෙකු ප්‍රවර්ධනය කරනවා.” යැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් පරීක්ෂණයක් සිදු කරනවාද යන්න විමසීමේදී “අපට රිපෝට් එක ආවොත් ඒක මැතිවරණ කොමිසමට දාලා පරීක්ෂණයක් කරනවා. නමුත් එතකොට ඩැමේජ් එක වෙලා ඉවරයි. තැපැල් ඡන්ද තියෙද්දිනෙ මෙහෙම ගහලා තියෙන්නේ.” යනුවෙන් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *