රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම එළැඹෙන් අය වැයෙන් සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දා පවසා තිබුණා.
රාජ්‍ය සේවය ගැනත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එහි පරිවර්තනයක් සිදු කළ යුතු බවයි. සමස්ත රාජ්‍ය සේවයේ පරිවර්තනයක් අවැසි බව ඔහු කියා සිටියා. එළැඹෙන පෙබරවාරි 17 දා ඉදිරිපත් කෙරෙන අය-වැය ලේඛනයේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 90ක අතිවිශාල මුදලක් වෙන් කළ බවයි ඔහු අවධාරණය කළේ.
කෙසේ වෙතත්, එම මුදල සමස්ත රාජ්‍ය සේවක සංඛ්‍යාව වන ලක්ෂ13න් බෙදූ විට එක් අයෙකුට ලැබෙන්නේ රුපියල් 6000කට ආසන්න වැටුප් වැඩිවීමක් බවයි පෙනී යන්නේ.
වත්මන් රජය පත් වූ පසු මෙයට වඩා සහන සහ වැටුප් වැඩිවීමක් පොදු ජනතාව බලපාරොත්තු වූ බව නොරහසක්.