Wed. Apr 30th, 2025

ඉරාන ජනපති හෙට දිවයිනට

Apr23,2024

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා හෙට (24) මෙරටට පැමිණීම නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගි වීම එම සංචාරයේ අරමුණ වී තිබේ.

එම උත්සවය හෙට පැවැත්වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි.

එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතයි.

මීට අමතරව පානීය ජල සැපයුම සහ කෘෂිකාර්මික අවශ්‍යතා සදහා ජලය සැපයීම ද මේ යටතේ සිදුකිරීමට නියමිත බව එම අමාත්‍යංශය පවසයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *