Sat. Jun 28th, 2025

ගුවන් තොටුපොළේ දීර්ඝ කාළයක් නවතා තිබූ මෝටර් රථය ගැන පරීක්ෂණ අරඹයි

Jul4,2024

දීර්ඝ කාළයක් හිමිකරුවෙකු නොමැතිව කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථයක් ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද (04) දින දහවල් රැගෙන ගොස් තිබෙනවා

එස්.පී.කේ.එම්.- 8179 දරන නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් 05/29 දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණා

මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෙලේගේ මායා සුදේශිකා නැමැති කාන්තාවකට අයිති බවත් දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය අද දින දහවල් 12.30 ට පමණ රැගෙන ගොස් තිබෙනවා. .

මෙම මෝටර් රථය මාසයකට අධික කාළයක් මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ අයිතිකරුවෙකු නොමැතිව නවතා තිබූ අතර මේ පිළිබඳ කටුනායක ගුවන් බලධාරීන් මෙන්ම ගුවන් තොටුපොළ පොලිසිය ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *