නිසි අවසරයකින් තොරව සුඛෝපභෝගී SUV රථයක් මුදාහැරීමට රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහස්‍ය හා බුද්ධි විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු The Island වෙත පවසා ඇත්තේ නිශ්චිත තොරතුරු මත ක්‍රියාකරමින් රේගු නිෂ්කාශන ක්‍රියාවලියට යටත් නොවූ වාහන සම්බන්ධයෙන් එම ඒකකය පරීක්ෂණ පවත්වා එවැනි මිට්සුබිෂි ජීප් රථයක් අත්අඩංගුවට ගත් බවයි.
පරීක්‍ෂණවලින් අනතුරුව එම රථය ඔක්තෝබර් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම වාහනය අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත්‍රාත් වරයා නියෝග කළා.
මෙම වාහනය නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීම නිසා දළ වශයෙන් රුපියල් මිලියන 5ක පමණ බදු අලාභයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
විමර්ශන කඩිනම් කර වාහනය ගෙන්වීමට සහාය දුන් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සහ එය ලියාපදිංචි කිරීමට සහාය වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කර තිබෙනකා.
නඩුව 2025 ජනවාරි 17 වන දින විභාගයට ගැනීමට නියමිතයි.