වාලච්චේන ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිත සම් සැකසුම් කලාපය පිලිබඳව සහ ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රය තුළින් පරිසරයට මුදා හරින අපද්‍රවය ප්‍රතිචක්‍රීයකරණය කිරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.
ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීයි.
Solidaridad Network Asia ආයතනය විසින් රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඉවතලන ද්‍රවය හරහා අගය එකතු කළ නිෂ්පාදන සිදුකිරීමේ අවශ්‍යතාවය සහ හැකියාව පෙන්වා දී තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ අපද්‍රවය තුළින් අගය එකතු කළ නිෂ්පාදන ඇති කිරීම හරහා පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා වටිනා දායකත්වයක් ලැබෙන බවත් එය ඉතාම ප්‍රයෝගික ක්‍රියාවක් බවත්ය.
කර්මාන්ත අමාත්‍යාංශය ඒ සදහා අවශ්‍ය උපරිම දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බවද ශාන්ත වීරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා