තමන් නීති විද්‍යාලයේ දී පෙනී සිටි විභාගය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහුගේ නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම චෝදනා තමන්ට එල්ලවීම ප්‍රශ්නයක් නැති වුවත් නීති විද්‍යාලයේ කීර්තියට සහ අධිකරණ ක්ෂේත්රයේ කීර්තියට එය නොමනා අන්දමින් බලපාන බවයි.
පෙර යහපාලන ආණ්ඩු සමයේද මෙවැනි කතා කියූ බවත් ආණ්ඩු බලය තිබෙන බැවින් ඕනෑම විමර්ශනයක් කළ හැකි බවත් කී නාමල් මන්ත්‍රීවරයා තමන් එවැනි ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට සූදානම් බව කියා සිටියා.