රටට ආඩම්බරයක් වූ දීඝදන්තු ඇත් රජු මරා දැම්මේ යැයි සැකපිට රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දෙසැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධානාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ උපුල් ප්‍රියන්ත බණ්ඩාර නම් අයෙක්.
ඇතාගේ මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ අධි වෝලටීය විදුලි සැරයක් සිරුර හරහා ගමන් කිරීමෙන් හදවතට වූ හානි නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
වයස අවුරුදු 40-50 අතර සිටි දීඝදන්තුගේ දළ යුගලය අඩි 4ක් පමණ දක්වා වැඩී තිබුණා.