Fri. Jun 27th, 2025

කොළඹ උද්ධමනය ඉහළ යයි

Jul31,2024
Food and Price Inflation Rises After Monetary Value Growth Ideas Financial problems and forecasting market crashes crisis risk. The young man pushed the shopping cart along the rising arrow chart.

2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී තිබෙනවා.

එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණා

2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජුනි මාසයේදී වාර්තා වුයේ 1.4% ක් ලෙසයි.

එමෙන්ම, 2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය 2024 ජුනි මාසයේදී 1.8% ක් ලෙස වාර්තාවී ඇති බවද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *