ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා අද(20) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ආචාර්ය එස් ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවල සන්ධිස්ථාන තුනක් සනිටුහන් කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනනේ.
කොළඹ සහ ත්‍රිකුණාමලය සෑම ආදර්ශ ගම්මානයකටම නිවාස 24 බැගින් ලබා දෙන ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර නුවරඑළිය සහ මාතලේ නිවාස 106 ක් සදහා වූ සමරු ඵලකය ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක්ව විවෘත කර තිබෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.