Tue. Jul 1st, 2025

ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය 16 වැනිදා සිට

Aug13,2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ හැකි බවයි.

ඒ අනුව http://sailindsri.com/ වෙත පිවිස මගීන්ට මගී යාත්‍රා සේවයෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව ද ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *