පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට දන්වා තිබෙනවා.
ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජයන කරන දේශපාලන නායකයින් පිරිසක් පසුගිය දා කොළඹදී මුණගැසුන අවස්ථාවේදී.
දෙමළ දේශපාලන පක්ෂ වෙන්වී කටයුතු නොකළ යුතු බව ද හොඳ තීරණයකට පැමිණ එළඹෙන මහ මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවක් විසින් දිනා ගැනීම තමන්ගේ අපේක්ෂාව බව ද මහ කොමසාරිස්වරයා පැවසූ බව ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් ඊයේ (02) වව්නියාවේදී මාධ්‍ය අමතා පැවසුවා.
එසේ වුවහොත් රජය සමග සාකච්ඡා කර දෙමළ ජනතාව වෙනුවෙන් හොඳ තීන්දු ලබා ගත හැකි අවස්ථාවක් උදාවන බව ද ඉන්දීය හමකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත පවසා තිබෙනවා.
උතුරු නැගෙනහිර දේශපාලනය කේන්ද්‍රකර ගත් සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ දෙමළ ජනතාවට ලැබිය යුතු ආකාරයට කටයුතු කිරීම එහි දේශපාලන නියෝජනයේ වගකීම බව ද එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත දන්වා තිබුණා.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, මහලේකම් වෛද්‍ය පී. සත්‍යලිංගම්, ටෙලෝ නායක සෙල්වම් අඩික්කලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ.පී.ආර්. එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ අවස්ථාවට සහභාගී වී තිබුණා.