මෙරට විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන තුන්දහස් එකසිය හතලිස්හතරක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මේ අතර මෙරට ශ්‍රමිකයින්, විදේශ රැකියාවලට යොමු කිරීම සදහා රජයෙන් විශාල සහායක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසනවා.
2023 වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 437යි දශම 5ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබු අතර එය මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට විශාල වශයෙන් ඉහළ ගියා.
කෙසේ වෙතත් පසුගිය ජූනි මාසය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 519යි දශම 6 විදේශ ප්‍රේ ෂණ මෙරටට ලැබුණු අතර ඒ අනුව මේ වසරේ ජූලි මාසය දක්වා ලැබු සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 3144ක්.
එමෙන්ම මෙරටට ලැබෙන සමස්ත ඇමෙරිකානු ඩොලර් ආදායමෙන් 28.9%ක් විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගෙන් ලැබීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙරට ශ්‍රමිකයින් විදෙස් ගත කර වීම සදහා රජයේ විශාල සහායක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසනවා.
එමෙන්ම ඉදිරියේ දී තවදුරටත් සහාය ලබාදුනහොත් මෙරට ශ්‍රමිකයින්ට යුරෝපා රටවල ද රැකියා අවස්ථා ලබාදිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.