පවුල් ආරවුලක් නිසාවෙන් සිය 23 හැවිරිදි බිරිඳගේ හිසට පොරවෙන් කොටා මරා දැමූ අයෙක් වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය දෙමස් වියැති බිළිඳියකගේ මවක් බවද සති දෙකක පමණ කාලයක් තිස්සේ මෙම පවුලේ අඬදබර තිබු බැවින් ඇය සිය මවගේ නිවසට පැමිණ තිබු බවද අනාවරණය වුණා.
පොරෝ පහර එල්ල කළ පුද්ගලයා මිය ගිය කතගේ වැඩිමල් සොයුරියටද පොරොවෙන් පහර දී ඇති බවයි අනාවරණය වූයේ.