Sat. Jun 28th, 2025

නීතිපතිට දෝෂාභියෝගයක් ගේන්න : ලසන්තගේ දියණිය

Feb6,2025 #government #news #Political

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග අගමැතිනියට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ නීතිපතිවරයා ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ඒමට පියවර ගන්නා ලෙසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බව සැක තිදෙනෙක් නිදහස් කර හරින ලෙස පසුගිය දා නීතිපතිවරයා විසින් ගල්කිස්ස මහාධිකරණය වෙත ලිපියක් යොමු කර තිබුණා.

අහිම්සා වික්‍රමතුංග සිය ලිපියෙන් පවසන්නේ මෙය බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සහ බරපතළ විනය විරෝධී කටයුත්තක් බවයි.

පසුගිය දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද ජයතිස්ස පවසා සිටියේ නීතිපතිගේ තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයනය කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *