Sat. Jun 28th, 2025

ආණ්ඩුව ඉටු නොකරන IMF නිර්දේශ මෙන්න

රජයේ විනිවිද භාවය පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කරන ලද නිර්දේශයන් රජය විසින් නිවැරදිව ඉටු කර නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

විදේශ ණය ආධාර මත දියත් කරනු ලබන ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ව්‍යාපෘති සම්බන්ධ සෑම තොරතුරක්ම, පොදු ඔන්ලයින් වේදිකාවක හෙළි කළ යුතු බවට වන නිර්දේශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට ලබා දී තිබෙනවා. නමුත් 2024 වසරේ දියත් කර තිබෙන එබදු ව්‍යාපෘතිවලින් රජය තොරතුරු හෙළිකර තිබෙන්නේ 40%ක පමණ ප්‍රමාණයක පමණක් බවයි එම ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.

රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දූෂණයන්ගෙන් බහුතරය සිද්ධ වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී බව හදුනාගෙන ඇති බවත් ප්‍රසම්පාදනයට අදාල සෑම විස්තරයක්ම පොදු වේදිකාවක හෙළි කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබුණත් දැනට එවැනි ව්‍යාපෘතිවල ප්‍රසම්පාදනයට අදාල තොරතුරු හෙළිකිරීම 20% ක පමණ පහළ මට්ටමක පවතින බවත් වෙරිටේ රිසර්ච් පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *