Sun. Jun 29th, 2025

IMF ආණ්ඩුවේ ගුණ වයයි: වාරිකයත් සම්මතයි!

Nov24,2024 #news #sl economy #slpolitics

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව ඇති ඇමරිකන් ඩොලර් මිලියන 330ක තුන්වැනි වාරිකය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක පැමිණි බව එම අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසනවා.

මෙම ගිවිසුම අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයට සහ විධායක මණ්ඩලයට යොමු කළ බව ද ඔහු කියා සිටියා.

ඔක්තෝම්බර් මාසයට පෙර බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් හෝ ක්‍රියාත්මක කර ඇති බව නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය පෙන්නුම් කර ඇති කැපවීම වැදගත් බවද අරමුදල පවසන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ඇමරිකානු ඩොලර් මිලියන 333ක මුදල් මෙරටට ලැබෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *