නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය යළි වතාවක් ප්‍රශ්න කර තිබෙනවා.
ඇයගේ හිමිකාරීත්වයට කලින් පැවති සුඛෝපභෝගී මෝටර් රථයක සිදුවීම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම කළා.
අදාළ මෝටර් රථය පසුගිය ජූලි 05 වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත්ව තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
පසුව හෙළි වූයේ එය පියුමි හංසමාලිගෙන් මිලදීගෙන ඇති බවටයි.
ඒ අනුව එම මෝටර් රථය මිලට ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පියුමි හංසමාලි කැඳවා තිබූ අතර ඇයගෙන් පැය නවයක පමණ කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.
දීර්ඝ කාලයක් ප්‍රශ්න කිරීමේදී තමන්ට එය ඉතාමත් වෙහෙසකර බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා.