Sat. Jun 28th, 2025

වගුරුබිමේ සැරටම කෙරුණු ස්කාගාරය

මුතුරාජවෙල වගුරු බිමේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් සුරාබදු නිලධාරීන් විසින් වටලා රුපියල් ලක්ෂ 75කට අධික කසිප්පු තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ උපදෙස් මත කොළඹ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි උස්වැටකෙයියාව මුතුරාජවෙල ඝන කඩොලාන වනයක පවත්වාගෙන ගිය මෙම ස්ථානය වටලා ඇත්තේ.

වගුරු බිමේ සඟවා තිබූ ගෝඩා බැරල් 75කට අධික ප්‍රමාණයක් සහ පෙරන ලද ස්ප්‍රීතු බෝතල් 5000කට අධික ප්‍රමාණයක් වැටලීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු කණ්ඩායම් පැමිණීමත් සමඟ මෙම නීතිවිරෝධී ස්කාගාරයේ වැඩ කරමින් සිටි සැකකරුවන් කිහිප දෙනෙකු එම ස්ථානයෙන් පළා ගියා.

අත්අඩංගුවට ගත් බැරල් සහ නීති විරෝධී ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා භාවිත කරන උපකරණ විනාශ කිරීමට සුරාබදු නිලධාරීන් කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් ස්ප්‍රීතු තොගය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *