Sun. Jun 29th, 2025

හොර ඡන්ද දැම්මොත් ලැබෙන දඬුවම් වැඩිවෙලා!

ජනපතිවරණයේදී හොර ඡන්ද දැමීම හෝ ඊට ආධාර අනුබල දෙන සෑම කෙනෙකුම 2023 අංක 21 දරණ මැතිවරණ (විශේෂ විධිවිධාන) පණත අනුව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වන බවත් ඒ සම්බන්ධයෙන් වරදකරු වූ විට මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසරකට වැඩි කාලයක් සිරගත කිරීමට හෝ ලක්ෂ 2කට දඩයකට යටත් කිරීමට ඉඩ සැල‍සෙන බව වාර්තා වෙනවා.

මෙයට පෙර එම දඩ මුදල පැවතියේ රුපියල් 500ක් ලෙසින් වුවද නව සංශෝධනයෙන් එය ලක්ෂ 2ක් දක්වා වැඩි කර තිබෙනවා.

මෙවැනි වරදකරුවෙකුට වසර 7ක් දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවද අහිමි වන බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *