Sat. Jun 28th, 2025

වාහන ගත්තොත් බස් එකේ යනවා: චන්ද්‍රිකා කියයි

Oct1,2024 #2024 #news #slpolitics

රජයෙන් ලබා දී ඇති වාහන නැවත ලබාගතහොත් බස් රථයෙන් යෑමට තමාට කිසිදු ලැජ්ජාවක් නැති බවත් තමා කිසිවෙකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

තමන් පුද්ගලයන්ට දුන්නා මිස කාගෙන්වත් ලබාගෙන නැති බවත් ජනපති ධුරයෙන් යන විට බැංකු ගිණුම හිස්ව තිබු බවත් ඇය කියා සිටිනවා.

රජයෙන් දුන් නිවසක් සහ වාහන හතරක් මේ වන විට භාවිතා කරන බවත් ජීප් රථයක් සහ කාර් රථයක් ගමන් සඳහාද ආරක්ෂාව සඳහා අනෙක් වාහන දෙකද භාවිතා කරන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *