Sat. Jun 28th, 2025

ජාතික ලැයිස්තුව නැති වුණොත් ජීවිතය හැර යනවා: ඉඳුනිල්

සමගි ජනබලවේගය පක්ෂය වෙනුවෙන් ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් එම පක්ෂයේ බොහෝ දෙනා ඉල්ලීම් කරන බව පෙනී යනවා.

ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ තුෂාර ඉඳුනිල් හිටපු මන්ත්‍රීවරයා ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටිනවා.

තමා පක්ෂයේ වැඩිම මනාප ගත් 10 දෙනා අතර සිටින බැවින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවටද සාධාරණයක් ඉටු විය යුතු බවත් ඔහු පවසනවා.

මන්ත්‍රී ධුරයක් නොලැබුණහොත් පක්ෂය හැරදා නොයන බවත් ජීවිතය හැරදා යන බවත් විපක්ෂ නායකවරයා හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *