පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය භාවිත කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා.
ඡන්දය ලබා දීම සඳහා නිවාඩු ලබා නොදුන්නහොත් එය නීතිය කඩ කිරීමක් බව ද පැෆ්රල් සංවිධානය පෙන්වා දෙනවා.
යම් සේවා යෝජකයකු මේ නීතිය නොසළකා හැර කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් නියම වන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කළා.
එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවත් එවැනි සිද්ධි ඇති වුවහොත් වහාම සිය සංවිධානයට දැනුම්දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.