Fri. Jun 27th, 2025

අනුර ජනපති වුවහොත් ධූරය දරන්නේ උපරිම මාස 6 යි – හිරුණිකා

Aug29,2024

යම් හෙයකින් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ජනාධිපති බවට පත් වුවහොත් ඔහු එම ධූරය දරන්නේ උපරිම මාස 6 ක කාලයකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

2000 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි අනුර දිසානායක මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් මන්ත්‍රීවරයෙක් බවයි ඇය එහිදී සඳහන් කළේ.

එවැනි අයෙක්ගෙන් වත්මන් ශ්‍රී ලංකාව දියුණු කළ හැකි බව විශ්වාස කළ හැකිදැයි ඇය ප්‍රශ්න කර සිටියා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරය දරන්නේ උපරිම අවුරුදු 2 ක කාලයකට බව තමා මීට පෙර ප්‍රකාශ කළ බවත්, ඔහු ජනාධිපති බවට පත් වූයේ තමන්ට එරෙහිව පැවති නඩු කිහිපය ඉවත් කර ගැනීමට බවත් ඇය එහිදී ප්‍රකාශ කළා.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ,ඊයේ මීරිගම ප්‍රදේශයේ පැවති සජබ දේශපාලන ජන හමුව අමතමින්.

සජබ නායක සජිත් ප්‍රේමදාස යනු කිසිඳු වරදක් නොකළ ඉතා පිරිසිඳු දේශපාඥයෙක් බවයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *