Sat. Jun 28th, 2025

බිරිඳටත් 60 වියේ පෙම්වතාටත් සැමියාගෙන් පිහිපහර: පෙම්වතා මැරේ-බිරිඳට අසාධ්‍යයි!

Jan30,2025 #news #police

මාදම්පේ පැරණි නගර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාළ ලබා තිබෙනවා. මිය ගොස් ඇත්තේ 60 වියැති පිරිමි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ අය කාන්තාවක්.

වාර්තා වන ආකාරයට පිහි ප්‍රහාරය එල්ල කළ අයගේ බිරිය සමඟ මිය ගිය පුද්ගලයා දිගුකාලීන පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සිදු වූ දිනයේ සිය බිරිය සහ අදාළ පුද්ගලයා නිවසක සිටින බවට තොරතුරු දැනගත් 45 වියැති සැමියා එතැනට කඩා වැදී දෙදෙනාටම පිහි පහර එල්ල කර තිබෙනවා.

තොරතුරු අනුව එම ස්ථානයට ගිය පොලිසියේ පිරිසක් දෙදෙනා රෝහල්ගත කළද පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි දැනගන්නට ඇත්තේ.

සැකකරු එදින රාත්‍රියේම අත්අඩංගුවට පත් වූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *