Sun. Apr 27th, 2025

චන්ද්‍රිකාට ඩොලර් මිලියන් 05ක අල්ලස් දුන්න ඇමැති සැමියා

වරක් තමාට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක අල්ලසක් ලබාදීමට ඉදිරිපත් වූ බවත් තමන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ එය කඩිනමින් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිනිය මේ බව කියාසිටියේ කොළඹ පැවැති වරලත් ගණකාධිකාරීවරුන්ගේ 45 වැනි ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවේ ඉහවහා ගොස් ඇති දූෂණය පිළිබඳව අදහස් දක්වමින්.

“එය මට සිදුවී තිබෙනවා. පාර්ලිමේන්තුවේ මගේ මේසයට ඩොලර් මිලියන පහක් ගෙනාවා. එතකොටත් මම අගමැති. මම කිව්වා ඒක අරන් එළියට යන්න කියලා. ඒක ගෙනාවේ මගේ ආණ්ඩුවේ කනිෂ්ඨ ඇමැතිවරියකගේ සැමියා. මම කිව්වා ඔයාව අත්අඩංගුවට ගන්නවා, දැන්ම මේකෙන් අයින් වෙන්න කියලා.” යනුවෙන් හිටපු ජනාධිපතිවරිය වැඩි දුරටත් පැවසුවා.

හිටපු ජනාධිපතිනිය පැවැසුවේ මෙම පුද්ගලයා සිංගප්පූරු ව්‍යාපාරිකයකු සමඟ සිටි බවයි.

ඕන තරම් හොරකම් කරපල්ලා. අහුවෙන්න විතරක් එපායැයි පැවසූ ජනාධිපතිවරුන්ද මෙරට සිටි බවත් අදාළ ජනාධිපතිවරයා එවකට ඔහුගේ කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එලෙස උපදෙස් ලබාදුන් බවත් ඇය සඳහන් කළාය.

“හැමෝම හොරකම් කළා. කවුරුත් අත්අඩංගුවට ගත්තේ නැහැ. මේ ක්‍රමය නිසා තමයි අපේ රට අනාත වෙලා තියෙන්නේ” යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *