Wed. Apr 30th, 2025

මහ ඡන්දෙට ඇප තියන හැටි මෙන්න

2024 මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශය සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ නාම යෝජනා පත්‍රයක් මඟින් යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී පිළිගත් දේශපාලන පක්ෂ ඇප තැන්පත් කළ යුතු නැහැ.

වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තෝරා ගනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 19ක්.

අඩුම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වන 04 දෙනෙකු තෝරා ගනු ලබන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්.

වැඩිම මුදල වන රුපියල් 42,000 ඇප මුදල කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂක කණ්ඩායමක්තැන්පත් කළ යුතුයි.

අඩුම මුදල වන රුපියල් 16,000 මුදල මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙනුවෙන් තැන්පත් කළ යුතු වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *