ව්‍යාජ මුදල් රබර් මුද්‍රා සහ ව්‍යාජ හැදුනුම්පතක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාඇල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශ නිලධාරීන් වැටලීම සිදු කළා.
එහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් / විවිධ රබර් මුද්‍රා 11 ක් හා ව්‍යාජ ජාතික හැදුනුම්පතක් පොලිස් භාරයට ගැනුණා.
වෙනත් පුද්ගලයෙකුට අයත් ජාතික හැදුනුම්පතක් රියදුරු බලපත්‍රයක් සහ විදේශ ගමන් බලපත්‍ර 08 ක් ද විවිධ බැංකුපොත් කිහිපයක් ද සැකකාරිය සමග සිය භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.
ජාඇල පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනවා.