Sat. Jun 28th, 2025

දරුවන්ට මෙහෙම අමානුෂික ලෙස ගහන්නට නරුම වෙන්නේ කොහොමද?

Jul17,2024

අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසනවා

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි දරුවාගේ මව (41), අවුරුදු 78 සහ 71 වයස්වල පසුවන මිත්තනියන් දෙදෙනකු සහ තවත් කාන්තාවක බවයි පොලිසිය සඳහන් කළේ.

වයස අවුරුදු 6 ක කුඩා දරුවකුට එම දරුවාගේ ආච්චිගේ සහෝදරියන් දෙදෙනකු දරවාගේ නිවෙස ඉදිරිපිට මිදුලේ දී අමානුෂ ලෙස අතින් පහරදී බිමදිගේ දරුවාගේ අත් දෙකෙන් නිවෙසට ඇදගෙන අයුරුද සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

මෙම සිදුවීම ඉකුත් (12) වැනිදා දහවල් කාලයේ සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ

පහර කෑමට ලක්වූ දරුවා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර දරුවා පොලිස් භාරය යටතේ පවතින බව පොලිසිය කියා සිටියා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *