Sun. Jun 29th, 2025

මන්ත්‍රී නිලනිවාසවල ගෙවලයෝ: ලයිට් කපන බව මහලේකම් කියයි!

Nov21,2024 #2024 #news #police #slpolitics

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් අද (21) දින ඉවත් නොවන්නේ නම් කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය සහ ජල සැපයුම විසන්ධි කර දමන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර තවදුරටත් ඒවායේ රැඳී සිටින හිටපු මන්ත්‍රීවරු 35 දෙනෙකුට දැනුම් දී තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරු 80ක් පමණ ඊයේ වන විට ඉවත්ව ගොස් තිබුණා. නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන ඔවුන්ට ඒවායේ රැඳී සිටීමට අවසර තිබුණේ පසුගිය 14 වැනිදා දක්වා පමණයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස 110ක් පමණ තිබෙන අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් වන ප්‍රමුඛතාව අනුව ඒවා ඔවුන් වෙත ලබා දෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *