නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන රෝගීන් සඳහා අවශ්‍ය බොහෝ ඖෂධ වර්ග වල දැඩි හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එසේම ශල්‍යකර්ම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් ද දිවයින පුරා රෝහල් වල තවමත් හිගව ඇති අතර සමහර රෝහල් වල රෝහල් ගත වන රෝගීන් සඳහා ඉලාස්ටෝ ප්ලාස්ටර් ,කැනියුලා,නිර්වින්දන ජෙල් වැනි අමුද්‍රව්‍ය බාහිරින් රැගෙන එන ලෙස දැන්වීම් අලවා ඇති බව වාර්තා වෙනවා.
බෝ නොවන රෝග සායන වලද මෙම තත්වය ඉතා දරුණු ලෙස පවතින අතර ඉන්සියුලින්,මෙට්ෆෝමින්,කොලොස්ටරෝල් පෙති වැනි ඖෂධ හිඟ නිසා ඒවා පිටතින් ගැනීමට විශාල මුදලක් වැය වෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා .
රසායනාගාර පරීක්ෂණ සඳහා ද ජාතික රෝහල ඇතුලු රෝහල් ගණනාවක ගැටලු ඇතිවී තිබීම හේතුවෙන් විශාල මුදලක් වැය කරමින් තමන්ට ඒවා පිටතින් කර ගැනීමට සිදුව ඇති බව අපහසුතාවයට පත් රෝගීන් පවසනවා.