Sat. Jun 28th, 2025

හොරණ වෙඩි තැබීමේ වෙඩික්කරු අත්අඩංගුවට

May6,2024

හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු ඊයේ (05දා) සවස ඩුබායි බලා පලා යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

ගොඩැල්ලගේ දොන් අසාන් ජනිත් කුමාර නමැති 31 හැවිරිදි මොහු හොරණ, හොරකැටිය, කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු මෙම වෙඩි තැබීමෙන් අනතුරුව ඊයේ පස්වරු 05.35 ට ඩුබායි බලා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යෑමට පැමිණ තිබේ.

හොරණ, අළුබෝමුල්ල පොලිසියේ දැනුවත් කිරීම මත මෙසේ ඩුබායි බලා පිටත් යෑමට පැමිණ සිටි මෙම වෙඩික්කරු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඉකුත් (29දා) ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ අතර, මෙම වෙඩි තැබීම සඳහාම පැමිණ ඇති බවට පොලිසිය සැක පළ කරයි.

හොරණ, අළුබෝමුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සැකකරු පොලිසිය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *