2024 ශ්‍රී ලංකාවේ මහමැතිවරණය ඉතිහාසය වෙනස් කළ මැතිවරණයක් ලෙස විචාරකයන් හඳුන්වනු ලබනවා. මෙයට පෙර කිසිදා සිදු නොවූ සංසිද්ධීන් මෙවර මැතිවරණයේදී සිදු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් දක්ෂිණාංශික දේශපාලන කඳවුරු නියෝජනය කළ, දසක ගණනාවක් තිස්සේ මැති ඇමැති ධුර දැරූ දේශපාලකයන් සියයකට ආසන්න පිරිසකට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පවා නොහැකි වී තිබෙනවා.
මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරළ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ශෂීන්ද්‍ර රාජපක්ෂ, රොෂාන් රණසිංහ, දිලුම් අමුණුගම, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, විදුර වික්‍රමනායක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොළවත්ත, ජගත් කුමාර, පියල් නිශාන්ත, චන්න ජයසුමන, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, සංජීව එදිරිමාන්න, හරීන් ප්‍රනාන්දු, කෝකිලා ගුණවර්ධන, ඩී.බී. හේරත්, චරිත හේරත්, සිසිර ජයකොඩි, අනුප පැස්කුවල්, ඩී. වීරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර, මංජුලා දිසානායක, රුවන් විජයවර්ධන, නිමල් ලාන්සා, අසෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ, ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, තිස්ස අත්තනායක, අර්ල් ගුණසේකර, රන්ජන් රාමනායක, වඩිවේල් සුරේෂ්, නලින් ප්‍රනාන්දු, උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුරු දොඩංගොඩ, මොහාන් ප්රියදර්ශනද සිල්වා, චන්ද්‍රසිරි මුතුකුමාරණ, රාජිකා වික්‍රමසිංහ, තාරක බාලසූරිය, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, මුදිතා සොයිසා, ජගත් ප්‍රියංකර, සුමිත් උඩුකුඹුර, අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ, රාජිත සේනාරත්න, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, නිමල් සිරිපාල, බුද්ධික පතිරණ, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අසෝක අබේසිංහ, තුෂාර ඉඳුනිල්, ලලිත් එල්ලාවල, ලලිත් වර්ණ කුමාර, විජිතමුණි සොයිසා, නියෝමාල් පෙරේරා, පියසේන ගමගේ, වසන්ත සේනානායක, ජයරත්න හේරත්, කපිල අතුකෝරල, එම්. සුමන්තිරන්, ඩග්ලස් දේවානන්ද, වේලුකුමාර් යන පිරිසයි ඒ.
එ අතර ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියා සිටියේ, ඉතිහාසයේ ප්රචණ්ඩ ක්‍රියා අඩුවෙන් ම සිදු වූ මැතිවරණය මෙය බවයි. එසේ ම රජයේ සම්පත් සහ වාහන අවභාවිතා වීමද සිදු නොවුණ බව ඔවුන් පෙන්වා දෙනවා.
තුනෙන් දෙකකට වඩා ආසන සහිත බලයක්, ජාතික ජනබලවේගය වෙත ලබා දීම ද ජනපතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ඔවුන් විසින් වැඩි කර ගැනීමද තවත් විශේෂත්වයක් වෙනවා.
එසේ ම ඉතිහාසයේ කවරදාටත් වඩා උතුරේ ජනතාව දකුණේ දේශපාලන පක්ෂයක් වෙත විශ්වාසය තැබූ බවද මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙනවා. ඒ උතුරු පළාතේ ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිඵල දෙස බැලීමේදීයි.
එසේ ම නවක මුහුණු විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැමිණ තිබීමද විශේෂත්වයක් වෙනවා. ඒ අතර කිසිදු අවස්ථාවක් මහජන නියෝජිත ආයතන නියෝජනයක නොකළ පිරිසක් ඒ අතර වීමද දකින්නට ලැබෙන කරුණක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයෙන් තරඟ කළ විජිත හේරත් ඉතිහාසයේ සියලු වාර්තා බිඳ දැමූ මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ මනාප ඡන්ද 716,715ක් ලබා ගනිමින්.
බොහෝ කරුණු අනුව මෙම මැතිවරණය ඉතිහාසය වෙනස් කළ මැතිවරණයක් බව ඒ අනුව පෙනී යනවා. ශ්‍රී ලංකාවේ අනාගතය ද මෙලෙස හොඳ පැත්තකට වෙනස් කිරීමට මෙම ජයග්‍රහණය හේතු වේ යැ යි ජනතාව උදක්ම බලාපොරොත්තු වන බවද සිහි කළ යුතු වෙනවා.