Wed. Apr 30th, 2025

සජිත්ට වඩා ලොකු අය ගැන හිරුණිකාගෙන් ඉඟියක්

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂය ප්‍රතික්ෂේප කළ බවත් ඇය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස තව දුරටත් කටයුතු කරන බවත් සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජනමාධ්‍ය හමුවකදී පැවසුවා.

“අපි ප්‍රේමචන්ද්‍ර මැතිණියගෙන් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ලෙස දිගටම කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇය ඊට එකඟ වී තිබෙනවා. ඒ අතරම ප්‍රේමචන්ද්‍ර මැතිණියට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එය කළ නොහැකි වුවහොත් එහි කටයුතු අධීක්ෂණය කිරීමට පක්ෂයේ කාන්තා අංශයේ තවත් කාන්තා සාමාජිකාවන් සිටිනවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඇය අප අපේක්ෂිකාවක බැවින් කොළඹ දිස්ත්‍රික්කය කෙරෙහි අවධානය යොමුකිරීමට පක්ෂය ඇයට ඉඩ දී ඇති බව ද ඔහු පැවසුවා.

කෙසේවෙත්තේම ජනමාධ්‍ය හමුවටම එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තරයේ කියා සිටියේ සමගි ජන බලවේගයේ එක් සාමාජිකයකු ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් සංවිධායකයන්ට දොස් පවරා ඇති බවයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයන් වන්නේ පක්ෂ නායකයා සහ මහලේකම්වරයා බවත් ඊට වඩා බලගතු වෙනත් අය ඉන්න බැරි බවත් එවන් පුද්ගලයන්ට චෝදනා කිරීමේ අයිතියක් නැති බවයත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *