දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය අසලදී කොළඹ දෙසට ධාවනය වූ මංතීරුවේ වැරදි දිශාවට වාහනයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන පරිදි මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ලේ සිට කොළඹ බලා යමින් සිටි මෙම පුද්ගලයා විවේකාගාරය භාවිත කිරීම සඳහා සේවා ස්ථානයේ රියදුරු නතර කළ අවස්ථාවේදී රථය පැදවීම භාර ගෙන තිබෙනවා.
සැකකරු කොළඹ දෙසට දිවෙන මංතීරුවේ ප්‍රතිවිරුද්ධ දිශාවට වාහනය පදවාගෙන යාම නිසා අනෙකුත් රියදුරන් නොසන්සුන් වී තිබුණා. මෙම සිද්ධිය අධිවේගී මාර්ගයේ ගමන් ගත් තවත් වාහනයක ඩෑෂ් කැමරාවක සටහන් වූයේ මෙසේයි.