අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහන අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.
අමාත්‍යවරයා සමඟ සමූහ ඡායාරූපයකට සහ සෙල්ෆි ඡායාරූපයකට ඔවුන් පෙනී සිටියා
ජෛව විද්‍යා ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපානි ලෙනෝරා, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරත් නිරෝධ, වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිනි, කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල රිච්මන් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ, ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් ශෙහානි නවෝද්‍යා, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් කිරුලු සිහිල්දිය යන සිසු සිසුවියන් සමඟ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පෙනී සිටි අයුරු ඡායාරූපය පහතින්