පසුගිය දා හිල්ටන් හෝටලයේ රථ ගාලේ අත්හැර දමා ගොස් තිබු BMW මෝටර් රථය සම්බන්ධ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වන විට සී.අයී.ඩීය වෙත පැමිණ තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් බව ඊයේ (22) ඔහු සිය නීතිඥයා මගින් දැනුම් දී තිබුණා.
මාධ්‍ය අමතා ඔහු කියා සිටියේ, “බලමු මොකක්ද වෙන්නේ කියලා, සත්‍යය ජය ගනී” යනුවෙනුයි.