රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ මෙරට ශ්‍රමිකයන් 78000කට අධික පිරිසක් කොරියානු රැකියා වෙනුවෙන් පිටත්ව ගොස් ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.
මෙම තත්වය විසින් මෙරට ග්‍රාමිය පන්තියේ බොහෝ පිරිසකගේ ජීවන තත්වය ඔසවා තැබූ බව නොරහසක්. එසේ ම ඉතා දරිද්‍රතාවයේ සිටි පිරිස් තම ජීවිතය කොරියන් රැකියා ඇසුරෙන් ගොඩ නගා ගත්තා. ඒ ආශ්‍රිතව මෙරට වෙනම සංස්කෘතික කලාපයක්ද බිහි වුණා.
කෙසේ වෙතත් මේ වසරේ මේ දක්වා කාලය තුළත් කොරියානු රැකියා සඳහා 710 දෙනෙක් පිටව ගොස් තිබෙනවා.