Fri. Jun 27th, 2025

ආණ්ඩුවේ මන්ත්‍රීට එල්ලවෙන අනියම් සම්බන්ධ චෝදනාවේ ඇත්ත මෙන්න!

Dec28,2024 #news #npp #slpolitics

ජාතික ජනබලවේග ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් තම බිරිඳගේ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය පැහැරගෙන ගොස් භාවිතා කරන බව පොලිස් පැමිණිල්ලක් සටහන් වී ඇතැයි ඊයේ (27) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත වුණා. නීතිඥවරයෙකු වන ඔහුගේ නීතිඥ බිරිඳ පිළියන්දල පොලිසියේ පැමිණිල්ල සටහන් කරමින් කියා තිබුණේ තම සැමියා එම පක්ෂයේම මන්ත්‍රීවරියක සමඟ කාලයක පටන් අනියම් සම්බන්ධයක් පවත්වන බව සහ එය නවතන්නැයි කොතෙක් කීවද එය තවදුරටත් පවත්වාගෙන යන බවයි.

එයින් පසුව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් දියත් වුණේ, මෙම අනියම් සම්බන්ධයේ අනෙක් පාර්ශ්වය වන මන්ත්‍රීවරිය කෞෂල්‍යා ආරියරත්න බවයි. ඇය තමාට එ‍රෙහි මඩ ප්‍රචාර සිදු වෙනවා කියා රහස් පොලිසියට පැමිණිල්ලක් දැමූ අතර ප්‍රශ්නය ඒ අනුව වෙනතකට හැරවුණා.

කෙසේ වෙතත් කෞෂල්‍යා මන්ත්‍රීවරිය මෙම සිදුවීමට සම්බන්ධ නැති බව තතු දත් ආරංචිමාර්ග පවසනවා. මෙම සිදුවීමට සම්බන්ධ නීතීඥ මන්ත්‍රීවරයාගේ 3 වැනි විවාහය මෙය වන අතර මෙයට සම්බන්ධ අනෙක් පාර්ශ්වය මාලිමා ආණ්ඩුවේම නීතිඥ මන්ත්‍රීවරියක්. ඇය පසුගිය කාලය පුරාම මාධ්‍යවල පුවත් මැවූ කෙනෙක් බව කියැවෙනවා.

කෙසේ වෙතත් කිසිවෙකුගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න රටට අදාළ වන්නේ එය රටේ නීතිය උල්ලංඝනය කරන්නේ නම් පමණක් බව කිව යුතු වෙනවා. මෙම සිද්ධිය අසත්‍යයක් නොවෙන අතර අදාළ නම් ගම් ඉතා ඉක්මනින් නීතිය ඉදිරියේ හෙළිදරව්වීමට නියමිත යි. සාමාන්‍ය මිනිසුන් ලෙස නොව දෙවියන් ලෙස මැතිවරණ අබියස පෙනී සිටි බැවින් මිනිසුන් අතින් සිදුවන වැරදි ලෙස සලකා ජාතික ජනබලවේගයේ අයට ජනතාවගෙන් සමාව ලබා ගැනීමට අසීරු වෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *