ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු ලෙස තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තාවනවා.
ඒ අනුව ඔහු බොහෝ දුරට ‘හදවත’ ලකුණින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදිනු ඇති බවයි පැවසෙන්නේ.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීමට ජනාධිපතිවරයාත් දැනටමත් ඇප තැන්පත් කර තිබුණා.
ඔහු ස්වාධීනව තරඟ වදින්නේ ඕනෑම පුද්ගලයකුට ඕනෑම පක්ෂයකට ඔහු වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට හැකි නිසා බවයි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ.