ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටින සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
පසුගිය දා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් අදළ සැකකාරිය හඳුනාගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතමින් මෙම ඡායාරූප පෙළ නිකුත් කර තිබෙනවා.
ජාතික හැඳුනුම්පත් අංක 995892480V දරණ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන සැකකාරිය අවුරුදු 25ක් වූ 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙක්.
ඉහත සැකකාරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොතේ පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 891735
තව ද අදාළ සැකකාරිය පිළිබඳ සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා.
එමෙන්ම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.



