මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82ත් බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
එක් ඡන්දායකයෙකු වෙනුවෙන් උපරිම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය ගම්පහ සහ කොළඹ වන බවත් එම දිස්ත්‍රික්කවල අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 58කට ආසන්න බවත්, එම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 600කට ආසන්න වන බවත් ඔහු සඳහන් කළා.
එසේම අවම මුදලක් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් හාරදහසකට ආසන්න වනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ දිස්ත්‍රික්කයන් සඳහා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල අදාළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වියදම් කළ හැකි උපරිම මුදල සහ ජාතික ලැයිස්තු නාමයෝජනා ලබා දී ඇති පුද්ගලයන්ට වියදම් කළ හැකි උපරිම මුදල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නියාමනයන් ඉදිරිපත් කර ඇති බවයි.