මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යංශයේ ලේකම් බී.ඒ.සී.පී. බමුණුආරච්චිගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ බව දන්වා ඇත්තේ.
ඊට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වල පාසල් සඳහා ද නිවාඩු ලබාදීමට මීට පෙර තීරණය කළා. ඒ වෙනුවෙන් මාර්තු 01 වෙනිදා පාසල් පැවැත්වීමට නියමිතයි.
හෙට (26) දිනයේ මහා ශිව රාත්‍රිය යෙදී තිබීම හේතුවෙන් පාසල් දරුවන්ට ඊට පසු දින පාසල් පැමිණීම අසීරුවන බවට දන්වා එලෙස පාසල් නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.