නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලබා දී තිබූ බොහෝ වරප්‍රසාද ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
මෙයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දී තිබූ පිස්තෝලය ඉවත් කිරීමට ද ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබු පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමටද අවධානය යොමුව තිබෙනවා.
එසේ ම තීරුබදු වාහන බලපත්‍ර ලබා දීම ද සිදු නොවෙන බවයි වාර්තා වන්නේ. එළැඹෙන නොවැම්බර් 25,26,27 දිනවලදී පැවැත්වෙන වැඩමුළුවේදී මෙම වරප්‍රසාද සම්බන්ධයෙන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇතැයි සඳහන්.